Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 22:33:02 Hours

233 වන බලසේනාවේ මුලිකත්වයෙන් සංවිධානය කරනු ලැබු අ.පො.ස උසස් පෙළ විභාග සම්මන්ත්‍රණය සඳහා සහභාගි සිසු සිසුවියන් වෙනුවෙන් කජු පැළ බෙදාදෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින වාකරෙයි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 150 දෙනෙකු සඳහා අමතර අධ්‍යාපන දැනුමක් ලබාදීමේ අරමුණින් දෙදිනක් පුරා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන ලදි.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රංජිත් ඇල්විටිගල ගේ උපදෙස් මත ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන්ගේ සහයෝගය ඇතිව ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ වෙනත් විෂයන්ට අදාළ නැගෙනහිර පළාතේ ප්‍රවීණ ගුරුවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්විණි.

පරිසරය ආරක්‍ෂා කිරීමට සහ දිගු කාලීනව ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් මෙම සම්න්ත්‍රණය අවසානයේ සහභාගී වු සියළු සිසු සිසුවියන් වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික භූමී පරිශ්‍රයක හෝ වෙනත් ස්ථානයක සිටුවීම සඳහා කජු පැළ බෙදාදෙන ලදී. Best jordan Sneakers | GOLF NIKE SHOES