Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 22:34:02 Hours

‘ජාතික වෙඩිතැබීමේ ශුරතාවලිය - 2019’ දී සියලු ඛාණ්ඩ යටතේ යුද්ධ හමුදා වෙඩික්කරුවන් දක්‍ෂතා දක්වයි

ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය (NRASL) විසින් පවත්වන ලද ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනයේ (IPSC) ‘ජාතික වෙඩි තැබීමේ ශූරතාවලිය 2019’ පසුගිය ජූලි මස 26 දින සිට 28 දින දක්වා පානළුව යුද්ධ හමුදා පිස්තෝල වෙඩිපිටියේදී පැවැත්වු අතර එහිදි, ජ්‍යෙෂ්ඨ ඛාණ්ඩ යටතේ සමස්ථ ශූරයා ලෙස යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල තේරීපත් වූ අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක සහ බ්‍රිගේඩියර් සුභාෂන වැලිකල විසින් හිමිකරත්හ.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වෙඩික්කරුවන්ට අමතරව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයට අනුබද්ධිත දිවයින පූරා වෙඩිතැබීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වෙඩික්කරුවන් 120 දෙනෙකු සාමාන්‍ය, ජ්‍යෙෂ්ඨ සහ සුපිරි ජ්‍යෙෂ්ඨ යන ඛාණ්ඩ යටතේ මෙම තරඟාවලියේ දී තරඟ වැදුණි.

මෙම ‘ජාතික වෙඩිතැබීමේ ශුරතාවලිය - 2019’ ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනයේ නීතිරීති වලට අනුකූලව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනයේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබයි.

තරඟාවලියේ, ෂොට්ගන් විවෘත අංශයේ ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් සමත් වූ අතර කණ්ඩායම් ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ද යුද්ධ හමුදා වෙඩික්කරුවන් (පිරිමි) සමත්විය. සාමාන්‍ය ඛාණ්ඩයේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට බළලත් නිලධාරී II ඩබ්ලිව්.පී.එන්. ධම්මික සමත් වූ අතර එම ඛණ්ඩයේ දෙවන ස්ථානය හිමිකරගැනීමට බළලත් නිලධාරී II එම්.එම්.එන්. කොස්වත්ත සමත්විය. තවද, ලුතිනන් තුෂාරා ගුණතිලක සිය ප්‍රතිවාදීන් පරාජයට පත් කරමින් විවෘත අංශයේ ශූරතාව හිමිකරගැනීමට සමත්විය.

එමෙන්ම, කාන්තා විවෘත ඉසව්වේ ශූරතාවය හිමිකරගැනීමට ද යුද්ධ හමුදා කාන්තා වෙඩික්කරුවන් සමත්විය. කාන්තා අංශයේ සමස්ත ශූරයා ලෙස ලුතිනන් ශාලිකා ලියනාරච්චි තේරීපත් වූ අතර කාන්තා සෙබළ කේ. කෞශල්‍යා සහ ලුතිනන් අනුපමා රත්නායක පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත්හ. තවද, සමස්ත විවෘත අංශයේ අනෙක් සියලුම කණ්ඩායම් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

මෙම තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2019 වසර අවසානයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය නිවේදනය කරන ලදී.

2018 වසරේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළු අවි සංගමයේ වෙඩික්කරුවන් වැලිසර, ගැමුණු ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා කුඩා සිදුරු වෙඩිපිටියේ දී පැවැති ජාතික වෙඩිතැබීමේ තරඟාවලිය සඳහා සහභාගි වූ අතර බී ඛාණ්ඩයේ විවෘත අංශයේ (පිරිමි) ප්‍රථම ස්ථානය, විවෘත අංශයේ (කාන්තා) ප්‍රථම ස්ථානය හා විවෘත අංශයේ (ඒකල) ප්‍රථම ස්ථාන හිමිකරගත් අතර නිෂ්පාදන අංශයේ (පිරිමි) කණ්ඩායම් ප්‍රථම ස්ථානය සහ නිෂ්පාදන අංශයේ (ඒකල) ප්‍රථම ස්ථානය ද හිමිකරගැනීමට සමත්විය. Nike sneakers | Men’s shoes