Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 09:35:07 Hours

යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන විල්පත්තු වන රක්‍ෂිතයේ රුක් රෝපණ ව්‍යාපෘතියට මහජනතාවගේ සහය

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසහන සඳහා මහජනතාවගේ සහයෝගය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, විල්පත්තුව රක්‍ෂිතය සහ ඒ අවට ප්‍රදේශයේ පැළ රෝපණය කර පරිසරයේ තිරසාරත්වය රැකගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය නිබඳව ලැබෙයි. ‍ඒ අනුව, තවත් ස්වේච්ඡා සංවිධාන 17 ක් නියෝජනය කරන සාමාජිකයින් පිරිසක් විසින් පැළ 1000 කට අධික ප්‍රමාණයක් ඉකුත් ඉරිඳා (28) දින රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රජාශාලාවේදී පැවැති උත්සවයකදී 14 වන සේනාංකයේ සේනාංකාධිපති චූලා අ‍බේනායක වෙත සංක්තාත්මකව පරිත්‍යාග කරන ලදී.

එහිදි, විල්පත්තු වන රක්‍ෂිතය නැවත රෝපණ කිරීමේ ව්‍යාපෘතියේ අවශතාවයන් පිළිබඳ සොයාබලා තවදුරටත් සහයෝගය ලබාදීමට මෙම සාමාජිකයින් පිරිස කැමැත්ත පළ කරන ලදී. latest jordan Sneakers | Sneakers