Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 09:21:19 Hours

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ‘තුරු සිරස’ ව්‍යාපෘතිය දියත් කරයි

කැපිටල් මහරාජා (පුද්ගලික) ආයතනය විසින් ‘සිරස FM’ ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සහ ‘සිරස’ රූපවාහිනි නාලිකාවේ 21 වන සංවත්සරයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුලකට නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගිවූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉකුත් සිකුරාදා (26) දින සන්ධ්‍යාවේ පැවති රුක් රෝපණ වැඩසටහනටද එක්විය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්ෂ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්‍ෂීකා නීද්‍රා වීරසිංහ මහත්මිය ඇතුළු අනෙකුත් නිලධාරීන් සමඟ එක්ව ‘කරඳ’ පැළ රෝපණය කරමින් ‘තුරු සිරස’ වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙම රුක් රෝපණ වැඩසටහන යටතේ නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේ පැළ 1000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.Buy Kicks | 『アディダス』に分類された記事一覧