Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2019 20:34:11 Hours

පින්නවල පාසල් ශිෂ්‍යභටයින්ට දෙදින පුහුණුවක්

කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් ශිෂ්‍යභටයින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට යුද්ධ හමුදා ක්‍රියාපටිපාටි හා විධිවිධානවලට අනුකූල පුහුණු සැසියක් ජූලි මස 27 සහ 28 දිනයන්හි බුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දැනට යුද්ධ හමුදා නිලධාරීන් ලෙස සේවය කරන එම පාසලේ ආදී ශිෂ්‍යයින් කණ්ඩායමක් විසින් මෙම පුහුණු සැසිය සංවිධානය කරන ලදී.

මෙම පුහුණු සැසිය අතරතුරදී, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්ව කුසලතා, පුද්ගල සංවර්ධනය, කුසලතා වැඩිදියුණු කිරීම සහ තීරණ ගැනීමේ හැකියාවන් මෙන්ම විනය ඉහළ මට්ටමක පවත්වාගැනීම පිළිබඳ සාකච්ඡා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දැනුවත් කරනු ලැබීය.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණරත්න ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් දුෂාන්ත කලුවාදේව තවත් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය. latest Nike Sneakers | Air Jordan