Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2019 20:34:11 Hours

කිලිනොච්චි භටපිරිස් නවෝත්පාදන දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කරයි

මුලතිව් ‘නවෝත්පාදන’ ප්‍රදර්ශනයට සමගාමීව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවෝත්පාදන ප්‍රදර්ශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදි, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 හා 66 වන සේනාංක මෙන්ම කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණා ‘නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ සඳහා ඉදිරිපත් කළහ.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්‍ෂතාවයන් හා නවෝත්පාදන හැකියාවන් ඔප්නංවමින් ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම වාර්ෂික ප්‍රදර්ශනය ආරක්‍ෂක සේනා මූලස්ථාන මට්ටමින් පවත්වනු ලැබීය. කිලිනොච්චි නවෝත්පාදන ප්‍රදර්ශනයේ නවෝත්පාදන කුටි 21 කින් සමන්විත වූ අතර එම නවෝත්පාදන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක හැකියාවන් හා නව්‍ය චින්තනය නිරූපණය කරයි.

මෙම නවෝත්පාදන ප්‍රදර්ශනයේ තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ කර්නල් එස්.ඩි. උදයසේන, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුබාලසුන්දරම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. සෂිකේශ් යන මහත්වරුන් ඇතුළත් වූ අතර එහිදි, නවෝත්පාදන තරඟකරුවන් 21 දෙනෙකු අතරින් තෝරාගත් තිදෙනෙකු වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීය.

ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.එස්.එම්. ජයමහා විසින් හිමිකරගත් අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ ඩබ්ලිව්.එම්. මිලින්ද සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ කේ.එම්.එස්.එන්. බණ්ඩාර විසින් හිමිකරගත්හ.

මෙම දැවැන්ත ප්‍රදර්ශනය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඇතුළු 571, 572, 573 හා 574 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ එම භටපිරිස්හි සහයෝගය ඇතිව පවත්වනු ලැබීය.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ. Sportswear free shipping | Air Jordan Release Dates 2020