Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2019 22:22:56 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නාඋල පිහිටි විශේෂ බලකා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කරමින් එහි ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳ සොයාබලයි

මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා සියළු පහසුකම්වලින් සමන්විත අභිනවයෙන් ඉදිකරනු ලැබු තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ එක් මහලක් 2016 අගෝස්තු මස විවෘත කරනු ලැබු අතර 17 වන ඉංජිනේරු සේවා බලකායේ සහ විශේෂ බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් මේ වනවිට ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන් නිමකර ඇත. අභිනවයෙන් ඉදිකරනු ලැබු තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ඉකුත් සඳුදා (29) දින විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබීය.

එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සේනාවිධායක කර්නල් චන්දීමාල් පීරීස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් සමරුඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණයේ විවෘත කිරීමෙන් අනතුරුව කිරි ඉතිරවීමේ චාරිත්‍රයකට ද එක්විය. මෙහිදී, මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් මෙම අවස්ථාවට ආශීර්වාදය එක් කළහ. ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් නවතමයෙන් ඉදිකරනු ලැබු ගොඩනැගිලී සංකීර්ණය නිරීක්‍ෂණය කරමින් එහි අනෙකුත් පහසුකම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය කරුණු පිළිබඳව සාකච්ඡා කළේය. අනතුරුව විශේෂ බලකායේ කොමිෂන් නොලත් නිලධාරීන් ඇතුළු අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයින් සමග සුහඳ පිළිසඳරක නිරතවූ යුද්ධ හමුදාධිපති වර්තමානයේ සිදුකරනු ලබන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන් හී ප්‍රගතිය පිළිබඳව ද එහිදි සොයාබැලීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර රෙජිමේන්තු මූලස්ථානයෙන් නික්ම යෑමට පෙර විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

වර්ෂ 1985 දී නිලධාරීන් දෙදෙනෙකුගෙන් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් ‘සංග්‍රාමික ලුහුබැදී කණ්ඩායම’ ලෙස ආරම්භ කළ අතර, එකල පැවති ත්‍රස්තවාදී අරගලය මුලින් උපුටා දැමීම සඳහා කුඩා කණ්ඩායම් ලෙස ත්‍රස්තවාදීන්ගේ බලප්‍රදේශවලට ඇතුළු වී ක්ෂණිකව ප්‍රහාරයන් එල්ල කර නැවත සාර්ථකව පැමිණිමට දක්‍ෂ වූ මෙම කණ්ඩායම විශේෂ බලකාය ලෙස පසුකාළිනව ස්ථාපනය කරන ලදී. Best Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos