Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2019 20:38:59 Hours

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ වෙත සිය රෙජිමේන්තු මූලස්ථානයේ ගෞරවාචාර

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට ගෞරවය අත්කරදුන් වත්මන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ වෙත සිය රෙජමේන්තුවේ ගෞරවාචාරය ඉකුත් සෙනසුරාදා (27) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පිරිනමන ලදී. ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහි වූ කීර්තිමත් යුද්ධ හමුදාධිපතිවරුන් අතරින් එක් අයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා ලෙස රාජකාරි කරනු ලබයි.

ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්ව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලැබූ කඳවුරු සම්මාන මුරය පසුකරගෙන රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත එතුමන් පැමිණියහ.

ඉන් අනතුරුව, රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිළයින්ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවනීය එතුමන් වෙත පිරිනමන ලදි.

රෙජිමේන්තු මූලස්ථාන රණවිරු ස්මාරකය අභියසදී, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන් සිහිපත් කරමින් එතුමන් පූෂ්පෝපහාර පූද කළහ.

ඉන් අනතුරුව, රෙජිමේන්තුවේ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයකට එතුමන් සහභාගී විය. එහිදී, එතුමන් ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානයේ නිලධාරීයෙකු ලෙස රාජකාරි ඉටු කළ කාලය තුළ මතකයන් පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව සිහිපත් කළේය.

එදින සන්ධ්‍යාවේ නිලධාරී නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එතුමන් සොනියා කෝට්ටේගොඩ මහත්මිය සමඟ සහභාගි වූහ. එහිදී, එතුමන් මෙම අවස්ථාවට සහභාගී වූ රෙජිමේන්තුවේ විශ්‍රාමික හා සේවය නියුතු නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති ක්‍රිෂානී මුදලිගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන සහභාගි වූහ.

විශ්‍රාම යාමට පෙර, එතුමන්ගේ වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළදී උසස් තනතුරු රැසක් හොබවා ඇති අතර එතුමන් වර්ෂ 2004 දී යුද්ධ හමුදාධිපති ධූරයට පත්විය.

එතුමන්, යුද්ධ හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ කාලය තුළ සිය රෙජිමේන්තුවේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. එහිදි, මධ්‍යස්ථාන සේනාවිධායක ලෙසත් ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපති ලෙසත් අවසානයේ යුද්ධ හමුදාධිපති ලෙසත් එතුමන්ගේ ජයග්‍රහණයන් පිළිබඳව සිය රෙජිමේන්තුව ආඩම්බර විය. විශිෂ්ට නිලධාරියෙකු ලෙස එතුමන් රෙජිමේන්තු අධිපති ලෙසත් පසුව යුද්ධ හමුදාධිපති ලෙසත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙන්ම කාර්ය මණ්ඩලයේ සුභසාධනය නංවාලීම සඳහා විශාල වෙනස්කම් සිදු කළේය. දශක තුනක් තිස්සේ පැවති කුරීරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම්වලට සූදානම්වීමේ අදියරවලට එතුමන් දායක විය.

සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ගත කළ කාලය තුළ අනෙකුත් ජාතීන් සමඟ එතුමන් ගොඩනඟා ගෙන ඇති අත්දැකීම් සහ මිත්‍ර සබඳතා අනාගත ආරක්‍ෂක සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වනු ඇත. Sportswear Design | Men’s shoes