Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2019 22:13:18 Hours

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ප්‍රවීණයන් ‘IGNITE – 2020’ සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරයි

දිවයිනේ අලෙවිකරණ ‍‍ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ විධායකයින්ගේ සහභාගිත්වයෙන් අද (26) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) වාර්ෂික ‘IGNITE – 2020’ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ආරාධනා කරන ලදී. ‘ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ආර්ථිකයේ භූමිකාව’ සහ ‘අපේ ජාතික ආරක්‍ෂාව අඩපණවීමට හේතු සාධක කවරේද’ මෙන්ම ‘අපේ අනාගතය සුරක්‍ෂිත කරන්නේ කෙසේද’ යන කාලීන මාතෘකා පිළිබඳ අවධානය යොමුකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදි ප්‍රධාන දේශනය සිදු කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙහිදී සිදුකළ දේශනයේදී ජාතික ආරක්‍ෂාවට සහ ක්‍රියාකාරීත්වයට එරෙහිව ආර්ථිකය විසින් කරනු ලබන බලපෑම් පෙන්වාදෙන ලදී.

එහිදි, එතුමන් විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයට නිසි සැලකිල්ලක් නොදක්වන්නේ නම් ජාතියකට එල්ලවීය හැකි ප්‍රතිවිපාක සහ අභියෝග පිළිබඳව පෙන්වා දුන් අතර සමාජීය රැඩිකලීකරණය වළක්වාගැනීමට ආර්ථික හා වෙනත් සමාජ සාධක සමඟ සංහිඳියාව මෙන්ම ජනවාර්ගික සමගිය සඳහා සුහද ප්‍රතිපත්තියක අවශ්‍යතාවය දැඩිව පවතින බවද සඳහන් කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ව්‍යාපෘති සභාපති චාරක පෙරේරා මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම දේශනය අවසානයේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති සුරන්ජිත් සුවාරිස් මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය ඇගයුමට ලක්කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි. තවද, මෙම උත්සවයේ සංවිධායකයින් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ද එතුමන් අතින් සිදුවිය. Running sport media | Nike