Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2019 21:29:34 Hours

යුද්ධ හමුදා බිලියඩ් ක්‍රීඩකයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

පසුගියදා පැවැති බිලියඩි සහ ස්නූකර් තරඟාවලියන්හිදී දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් ප්‍රශංසාවට ලක් කිරීමේ අපේක්‍ෂාවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉකුත් සිකුරාදා (19) දින ඔවුන්ව යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවූ අතර එම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි විය.

මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රසංශාවට ලක්වූ මාණ්ඩලික සැරයන් එස්.ජී. සුසන්ත වික්‍රම, ලාන්ස් කෝප්‍රල් එම්.එම්. මුබීන් සහ ලාන්ස් කෝප්‍රල් ටී.ඩී. මදුරංග යන ක්‍රීඩකයින් තිදෙනා ජාත්‍යන්තර සහ දේශීය තරඟාවලි කිහිපයකට සහභාගී වී ප්‍රමුඛ ස්ථාන දිනාගනීමින් ශ්‍රී ලංකාවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දුන්නේය.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් සහ අඛණ්ඩ සාර්ථකත්වය අගය කරමින් ඔවුන්ට සුභපැතුම් පිරිනැමූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් බිලියඩ් සහ ස්නූකර් පිති (billiard & snooker sticks) ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.එම්.එස්. කුමාර සහ එම රෙජිමේන්තුවේ ක්‍රීඩා නිලධාරි ද සහභාගී වූහ. Adidas footwear | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov