Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2019 16:09:20 Hours

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කරන ලද තානාපති ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය (Mrs Kshenuka Senewiratne) අද (15) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුව සඳහා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රතාප් තිලකරත්න සහභාගී වූ අතර එහිදී, විදේශීය රටවල සාමසාධක රාජකාරී සඳහා යුද්ධ හමුදා භටපිරිස් යෙදවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව පත්වීම් ලැබූ නියෝජිතවරියට සුභ පැතුම් එක් කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. Sport media | Nike