Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th July 2019 12:06:09 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සුහදත්වය පිළිඹිබු කරමින් පලාලි ජනපදයේ තවත් ඉඩම් අක්කර 27.4 ක් නිදහස් කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිවිල් වැසියන් කෙරෙහි ඇති සිය සුහදත්වය සහ අවබෝධය තවදුරටත් පුළුල් කරමින්, පලාලි මයිලඩ්ඩි ප්‍රදේශයේ මුල් ඉඩම් හිමිකරුවන් සඳහා පලාලි ජනපදයේ ඉඩම් අක්කර 26.4 ක් සහ පලාලි උතුරු ප්‍රදේශයේ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසල භාවිතා කල තවත් රජයේ ඉඩම් අක්කරයක් ඉකුත් සිකුරාදා (12) දින තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී නිදහස් කරන ලදී.

ආරක්‍ෂක හේතුන් මත භාවිත කර මෙලෙස නිදහස් කරන ඉඩම් සඳහා වූ ලිපි ලේඛණ, ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමීයෙකු වන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා වෙත සංකේතාත්මකව භාරදුන් අතර එම අවස්ථාව සඳහා යාපනය (ඉඩම්) පිළිබඳ අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් මහතා, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් එස්. ශිවශ්‍රී මහතා සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගීවූවන්ට සුහදතාවය පිළිබඳව පැහැදිලි කළ මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි අනාගතයේදී රාජ්‍ය බලධාරීන් සමඟ සමීපව සාකච්ඡා කර සිවිල් වැසියන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකි සෑම පියවරක්ම ගනු ලබන බවට පොරොන්දු විය. මෙලෙස නිදහස් කරන ලද ඉඩම් සඳහා වූ ලිපි ලේඛණ ගරු ආණ්ඩුකාරතුමා විසින් භාරගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් වෙත භාරදෙන ලදී. affiliate link trace | adidas