Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 11:06:43 Hours

කනිෂ්ට අණදෙන්නන්ගේ පාඨමාලාවේ සහ ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් කිළිනොච්චි ප්‍රදේශයේ චාරිකාවක් සඳහා එක්වෙයි

මාඳුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති කනිෂ්ට අණදෙන්නන්ගේ පාඨමාලාවේ සහ ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාවේ පාඨමාලා අංක 25 හී ශිෂ්‍ය නිලධාරීන් විසින් පසුගිය ජූලි මස 8 සහ 9 යන දෙදින තුළ කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ ඒ අවට ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

පසුගිය සඳුදා (8) දින කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි ශිෂ්‍ය නිලධාරීන් පිරිස කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැවරි ඇති භූමිකාවන් සහ කාර්යයන් පිළිබඳව පැහැදිලි කිරිමක් එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදි.

අනතුරුව එදින එම ශිෂ්‍ය නිලධාරීන් 57 වන සේනාංක මූලස්ථානය, 571 වන බලසේනාව, පූනරින් කොටුව, සංගුපිඩ්ඩි පාලම සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකය යන ස්ථානයන් හී සංචාරය කළ අතර අනතුරුව එම පිරිසට මානුෂීය මෙහෙයුම් පැවති ප්‍රධාන ස්ථාන කිහිපයක් ද ඉකුත් අඟහරුවාදා (9) දින නැරඹීමට අවස්ථාව ලැබිණි. එහිදී ඔවුන් කිලිනොච්චි ස්මාරකය, අලි මංකඩ ස්මාරකය සහ ගාමිණි කුලරත්න යන ස්මාරකයන් ද නැරඹූහ.

මෙම සංචාරය සඳහා පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් 25 (දේශිය 20 සහ විදේශිය 05) සහභාගි විය. Sports brands | Nike