Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 11:30:22 Hours

51 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි

51 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ලලිත් රත්නායක සඳුදා (08) දින එම සේනාංක මුලස්ථානයේ දී පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාකාරී අරඹන ලදී.

අනතුරුව සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද පිරිනැමූහ.

පසුව, නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයන්හී අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් ආරම්භ කරන ලදී. අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිම සඳහා එතුමන්ට ආරාධනා කළේය.

මෙම අවස්ථාව සඳහා එම සේනාංක මූලස්ථානය යටතේ ඇති බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, සේනාංකයන්හී මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Running sports | Nike News