Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 11:15:05 Hours

නික්ම යන 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ගෞරවාචාරය

වසර තිහකට වැඩි කාලයක් යුද්ධ හමුදාවට අභීත සේවයක් කරමින් යාපනයෙන් නික්ම යන මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සඳුදා (8) දින කෝපායි හී පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී පැවති උත්සවයකදී ඔවුන්ගේ ගෞරවාචාරය පුද කළේය.

අනතුරුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

පසුව එතුමන් සියළු නිලයින් අමතමින් සිය ධුර කාලය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වූ අතර ඉදිරියටද ඒ ආකාරයෙන්ම තමන්ගේ රාජකාරී කටයුතු සිදු කරන ලෙස දැනුම් දුන්හ.

අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න තව නොබෝ දිනකින් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට ද නියමිතව ඇත.

51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්වීම් භාර ගැනීමට පෙර යුද්ධ හමුදාවේ ප්‍රධාන පත්වීම් ගණනාවක් හොඹවා ඇති එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය මෙන්ම යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කර ඇත. Sports brands | Women's Sneakers