Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 11:43:11 Hours

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ පසුගිය බදාදා (10) දින විධිමත් උත්සවයකදි සිය ධූරයේ රාජකාරි අරඹන ලදී.

පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදි. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් සම්ප්‍රදායානූකූල පොල් තෙල් පහන් දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබන ලදි. පසුව නව ආඥාපතිතුමන් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය, පසුව පැවති සියලු නිල තේපැන් සංග්‍රහයට ද එතුමන් සහභාගී විය.

මීට ප්‍රථම, රාජකාරී කල මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනාවිධායක සහ සමස්ථ මෙහෙයුම් මුලස්ථානයේ අණදෙන නිලධාරී යන ධූරයන්ට පත්වීමෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් සහ ආරක්ෂක මුලස්ථානය යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි විය. Asics footwear | Nike Air Force 1 , Sneakers , Ietp STORE