Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2019 08:43:46 Hours

තව්හිද් ජමාත් සංවිධානය පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයෙන් විපතටපත් වූවන් සිහිපත් කරමින් ත්‍රිකුණාමලයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරයි

තව්හිද් ජමාත් සංවිධානය විසින් අප්‍රේල් මස 21 වන දින එල්ල කළ පාස්කූ ප්‍රහාරයට මාස දෙකක් සම්පුර්ණවීම සනිටුහන් කරමින්, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංකයේ භටපිරිස් ත්‍රිකුණාමලයේ පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ත්‍රිකුණාමල ප්‍රාදේශීය රුධිර බැංකුවේ රුධිර පාරවිලයන වෛද්‍ය උපදේශක වෛද්‍ය දිලූප ගුණසේකර මහතා කළ ඉල්ලීමට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සංවිධානය කර තිබීණි.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනට සහයෝගය දක්වමින්, ත්‍රිකුණාමලයේ රෝගීන්ගේ අභිවෘද්ධිය උදෙසා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 120 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කරන ලදී. එම අවස්ථාවට එක් වූ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනට ඔවුන්ගේ දායකත්වය දැක්වූහ. අනතුරුව, ත්‍රිකුණාමලය රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂ තුමන් සහ එහි කාර්ය මණ්ඩලය විසින් යුද්ධ හමුදාවේ පරිත්‍යාගශීලීභාවය අගය කරමින් සිය කෘතඥතාවය පළ කරන ලදී. short url link | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK