Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2019 10:00:18 Hours

යුද්ධ හමුදා පොලිසියේ නව ආධුනික සෙබළුන් 100 ක් විසිරයයි

මින්නේරිය, ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක 74 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නව ආධුනික සෙබළුන් සියදෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ වැඩබලන සේනාවිධායක මේජර් බි.ජි.එස්.එම්. බෝගහවැව ගේ ආරාධනයකට අනුව පුරා මාස තුනකට අධික කාලයක් පැවැති මෙම පුහුණු පාඨමාලාවේ විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජාතික ශිෂ්‍යභට බලකායේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.එස්.පී. පොඩිරාලහාමි වෙත විසිරයන ආධුනික සෙබළුන්ගේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

මෙම වර්ණවත් උත්සවයේ දී විවිධ ක්‍ෂේත්‍රයන්හි දක්‍ෂතා දැක්වූ ආධූනික සෙබළුන්ට විශේෂ කුසලතා සම්මාන ප්‍රදානය කලේය.

පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලා ලෙස සාමාන්‍ය සෙබල එස්.යු.එස්.සී. පතිරණ සම්මාන හිමිකරගත් අතර හොඳම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබල පී.ඒ.ආර්. නිශාන්ත සම්මාන හිමිකරගත්හ. එමෙන්ම, හොඳම ඛණ්ඩ භාර නිලධාරී ලෙස දෙවන ලුතිනන් බි.කේ.එම්. බෝගහපිටිය තේරීපත්වූ අතර සැරයන් ටී.ආර්.එස්. පීරිස් සහ කෝප්‍රල් ආර්.එම්.එන්.එම්. රත්නායක හොඳම ඛණ්ඩභාර සැරයන් සහ හොඳම පෙළ අණදෙන්නා ලෙස තේරීපත් විය.

සංගීත සංදර්ශන, ටයිකොන්ඩෝ සංදර්ශන, ප්‍රභූ ආරක්‍ෂක ශිල්පක්‍රම ප්‍රදර්ශනය, සුනඛ සංදර්ශන, ස්නයිපර් සංදර්ශන, නිදහස් ආර පැරෂුට් සංදර්ශන රැසකින් වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා ආරාධිතයින් ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන්, විසිරයන සෙබළුන්ගේ ඥාතී හිතමිත්‍රාදීන් 1500 කට අධික ප්‍රමාණයක් ද සහභාගි වූහ. best shoes | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ