Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2019 09:18:40 Hours

56 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ ස්ථානගත 56 වන සේනාංකයේ 19 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සිට සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

56 වන සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී, ආගමික වතාවත් මධ්‍යයේ 56 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සිය ධූරයේ රාජකාරි භාරගත්හ. මීට ප්‍රථම, 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න එම ධූරයට පත්විය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදයානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. නව සේනාංකාධිපතිතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව එම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව 56 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් ඇමතූ එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉංජිනේරු සේවා බලකා වැඩපලක් සහ ශ්‍රී ලංකා විදුලි හා ඉංජිනේරු බලකා වැඩපලක් ඉදිකිරීමට ද මුල්ගල තබන ලදී.

651 හා 563 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 56 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූ මෙම උත්සවයේ වැඩ කටයුතු සියලුනිල තේපැන් සංග්‍රහයකින් අවසන් විය. Buy Sneakers | Air Max