Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2019 09:30:43 Hours

වන්නි භටපිරිස් පරණගම විද්‍යාලයට තොරතුරු තාක්‍ෂණ උපකරණ තොගයක් ප්‍රදානය කරයි

වවුනියාව දිස්ත්‍රික්කයේ මා/පරණගම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් අත්විඳින ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමුකල වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් එම සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා බහු මාධ්‍ය ඒකකයක් (multi-media unit) ඇතුළු තොරතුරු තාක්‍ෂණ උපකරණ තොගයක් පසුගියදා ප්‍රදානය කරනු ලැබීය.

සෙලාන් බැංකුවේ සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ ලබා දුන් අනුග්‍රහය මත එම පාසලේ සිසු සිසුවියන්ගේ පරිහරණය සඳහා නව පරිගණක යන්ත්‍රයක්, බහු මාධ්‍ය ප්‍රක්ශේපණ යන්ත්‍රයක් සමඟ තිරයක් සහ අඛණ්ඩ විදුලි බල සැපයුම් ඒකක 6 ක් (uninterrupted power supply units) වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් නියෝජනය කරමින් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ ගේ සහභාගිත්වයෙන් ඉකුත් බදාදා (19) දින පැවැති උත්සවයකදී පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගයට ප්‍රථම, සෙලාන් බැංකුව විසින් මෙම පාසලේ සිසු සිසුවියන්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදෙමින් නව පරිගණක 15 ක් පරිත්‍යාග කර තිබිණි. මෙම සමාජ සත්කාරක වැඩසටහන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජි.ඒ.එල්. කිත්සිරි ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කර තිබිණි.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මා/පරණගම විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන්, සෙලාන් බැංකුවේ නිලධාරීන්, 62 වන සේනාංකයේ නිලධාරීන් සහ සිසු සිසුවියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගි වූහ. latest jordan Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth