Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2019 08:03:59 Hours

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් පලිහක්කාර හට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායෙන් උපහාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන අවස්ථාවේදී එතුමන්ට සමුදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (14) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා මුලස්ථානයේදී පැවැත්විණි.

1984 මාර්තු මස 05 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළකාය වෙත බැදුණ මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර 2017 මාර්තු මස 30 වන දින වත්මන් නිලයට උසස් කරන ලදි. 35 වසරක නොකැලැල් සේවා කාලය තුළ විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම්ලැබු එතුමන්ගේ සුවිශේෂී සේවය සිය රෙජිමේන්තුවට ගෞරවයක් ගෙනදුන් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ඉතිහාසයේ ප්‍රථම වරට යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය වැඩ බලන මාණ්ඩලික නිලධාරි ලෙස එතුමන් පත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායේ කර්නල් සේනාවිධායක ධූරය දැරූ කාලයේ එතුමන්ගේ නිවැරදි මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ රෙජිමේන්තු, බළඇණි සහ වෘත්තිය පුහුණු පාසල් වල යටිතල පහසුකම් උසස් මට්ටමකට ගෙන ඒමට හැකියාවක් ලැබුණි.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මූරයක් පිරිනැමු අතර අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පූෂ්පෝපහාර පූද කරනු ලැබීය. විශ්‍රාම යන කර්නල් සේනාවිධායකතුමන් වෙත එම රෙජිමේන්තු සරඹ භූමීයේදි භට පිරිස් විසින් සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

මෙහිදි කර්නල් සේනාවිධායකතුමන් විසින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවනයෙන් ඉදිකරනු ලැබු බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කරන ලදි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා සහභාගි වු සියලුම කමිටු සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් සමඟ කණ්ඩායම් ඡායාරූපයකට සහභාගි වීමෙන් අනතුරුව උදෑසන උත්සව කටයුතු අවසන් විය. නික්මයන මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා හට සුභපැතුම් එක්කිරිම සඳහා සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකා මුලස්ථානය මාර්ගය දෙපස එක්ව සිටියහ. නව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සී.කේ හදුන්මුල්ල, මෙම අවස්ථාව සඳහා සහභාගි වු සියලුම කමිටු සාමාජිකයින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකා ස්වෙච්ඡා ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකා ඒකකයන්හි රෙජිමේන්තු සැරයන්මේජර් වරුන් ඇතුළු සෙසුනිළයින් සහභාගි වුහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායේ පැවති සමුගැනීමේ උත්සවය අවසන් කරමින් නික්මයන කර්නල් සේනාවිධායකතුමන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථාන නිලධාරී නිවස්නයේදී පවත්වනු ලැබු රාත්‍රි භෝජන සංග්‍රහයට කමිටු සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරු සහභාගි වුහ. මෙහිදි සමුගැනීමේ කථාව බ්‍රිගේඩියර් සී.කේ හදුන්මුල්ල විසින් කළ අතර සියලුම නිලධාරීන් සහ සෙසුනිළයින් වෙනුවෙන් නික්මයන කර්නල් සේනාවිධායකතුමන් හට සුභපැතුම් එක්කරන ලදි.

1951 සිට 2019 දක්වා රෙජිමේන්තුවේ අභිමානවත් ඉතිහාසය ඉස්මතු කරමින් ප්‍රකාශයට පත් කරන ලද ‘රණවිරු බුහුමන් - 2019’ සඟරාවේ පළමු පිටපත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකා මුලස්ථානයේ සංවිධානය කරන ලද සියලු නිළ තේ පැන් සංග්‍රාහය අතරතුරදී ප්‍රධාන කතෘ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරතන විසින් නික්මයන කර්නල් සේනාවිධායකතුමන් වෙත ලබා දෙන ලදි.latest jordan Sneakers | adidas poccnr jumper dress pants size