Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2019 15:14:03 Hours

පරන්තන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් සංගීත සැදැවක්

පරන්තන් සහ ඒ අවට ප්‍රදේශයේ සිවිල් වැසියන් තම වෙහෙසකාරි දෛනික දිවිට මොහොතකට අමතකකරමින් යුද්ධ හමුදාව විසින් පරන්තන් නගරයේ සංවිධානය කරන ලද සංගීත සැදෑව සඳහා සහභාගි වුහ.

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංගීත කණ්ඩායම මෙහිදි සංගීතය සැපයු අතර මෙහිදි සංගීත සංදර්ශණය නැරඹීමට පැමිණි පිරිසටද ඔවුන්ගේ ගායන හැකියාවන් සංගීත කණ්ඩායම සමඟ එක්ව ප්‍රදර්ශනය කිරීමටද අවස්ථාවක් ලබා දෙන ලදී. අප්‍රේල් මස 21 දින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසු සිවිල් මිනිසුන් අතර ඇතිව තිබු බිය තුරන් කිරීම සඳහාද මෙම අවස්ථාව ඉවහල් විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් පරිදි 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ සහ 572 වන බලසේනාවේ බලසේනාධිපති මෙන්ම 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. jordan release date | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp