Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2019 15:20:04 Hours

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 21 දෙනෙකුට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභාශීංසන

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් ජූනි මස 18 සහ 19 දිනයන්හි යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ඔවුන් ලබාදුන් ආදර්ශමත් සේවාව ප්‍රශංසාවට ලක්කිරිමට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් කටයුතු කරන ලදී.

පුරා දෙදිනක් පැවැති මෙම සුහඳ හමුවන්හිදී, යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය උණුසුම් සුබ පැතුම් එක් කළේය. අනතුරුව අතීත අත්දැකීම් සහ විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳවද විමසා සිටී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සියලුම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ ආදර්ශමත් සේවාව ඇගයුමට ලක් කරමින් ඔවුන් වෙත ඇගයීම් සහතික පත් ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම සුහද හමුව වෙනුවෙන් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ යුද්ධ හමුදා මුලස්ථාන බළඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් ද එක්විය. bridge media | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4