Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2019 13:14:07 Hours

වන්නි භටපිරිස් ගොවීන් 26 දෙනෙකු සමඟින් එක්ව ආදායම් උත්පාදනය කරන ‘සෝයා’ වගා ව්‍යාපෘතිය දියත් කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව, වන්නි ප්‍රදේශයේ අගහිඟකම් ඇති ජනතාවගේ සමාජ සුභසාධනයට ප්‍රමුඛතාවය දෙමින්, බෝගස්වැව සහ වෙහෙරතැන්න යන ගම්මානවල තෝරාගත් අසරණ ගොවීන්ගේ වගා කළ හැකි ඉඩම්වල ‘සෝයා’ බෝංචි වගාකිරීම සඳහා දිගුකාලීන වැඩසටහනක් ආරම්භ කිරීමට සිලෝන් බිස්කට් පුද්ගලික සමාගම අනුග්‍රාහකත්වය දක්වා ඇත.

මෙම වගා ව්‍යාපෘතිය යටතේ එක් ගොවියෙකු සඳහා අක්කර 13 ක භූමී ප්‍රමාණයක් වගා කිරීමට ‘සෝයා බෝංචි’ කිලෝග්රෑම් 10 ක් ලබාදෙන අතර වගා කරන කාලය සීමාව තුළ සිලෝන් බිස්කට්ස් සමාගම ඊට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට අනුග්‍රහය ලබාදෙනු ඇත. තවද, අස්වැන්න ගැණුම්කරුවන් වෙත යොමුකිරීමකින් තොරව ලාභදායී පදනමක් මත සිලෝන් බිස්කට් සමාගම වෙත ලබාගැනීමට අවශ්‍ය කටයුතු ද සලසා ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබු අතර අනුග්‍රාහකයින් විසින් සිවිල් වැසියන් දිරීගන්වමින් උපරිම අස්වැන්නක් ලබාගැනීම සඳහා ඵලදායී වගා ක්‍රම පිළිබඳව දැනුවත් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය තුළින් අඩු ආදායම්ලාභී සිවිල් වැසියන්ට වැඩි ආදායමක් උපයාගැනීම සඳහා ඉඩම් අක්කර 5000 කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට ඔවුන් අපේක්‍ෂා කරයි.

මෙහි ආරම්භක වැඩසටහන 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ අධීක්‍ෂණය යටතේ 2019 ජුනි මස 11 වන දින ආරම්භ වූයේ ගොවීන් 26 දෙනෙකු වෙත බෝංචි බීජ කිලෝග්‍රෑම් 260 ක් ලබාදෙමිනි. එහිදී පැවති උත්සවයේ සංවිධායක කටයුතු වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු භාර නිලධාරී ලුතිනන් කර්නල් ජී. ඒ. එල්. කිත්සිරි විසින් සම්බන්ධීකරණය කරන ලදී.

සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රාදේශීය කළමණාකරු ඩබ්ලිව්.ජි. ජයන්ත ධර්මසිරි මහතා, එම සමාගමේ විධායක ප්‍රාදේශීය කළමණාකරු ඩබ්ලිව් අජිත් කුමාර ප්‍රනාන්දු මහතා සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමන් ද මෙම සමාරම්භ අවස්ථාව වෙනුවෙන් සහභාගි වූහ.Sports News | Air Jordan