Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2019 17:36:38 Hours

ගජබා රෙජිමේන්තු භටපිරිස් පාසල් සිසුන් සමඟ එක්ව පොසොන් බැති ගී ගායනා කරයි

සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් විසින් ජූනි මස (16) දිනට යෙදුණු පොසොන් පුර පසොලොස්වක පොහෝ දින පැවැත්වෙන ආගමික උත්සවයට සමගාමීව එම මූලස්ථාන පරිශ්‍රයේ අසිරිමත් පොසොන් කලාපයක් ඉදිකරන ලදී.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පවත්වනු ලබන පොසොන් කලාපයේ වර්ණවත් පොසොන් පහන් කූඩු සහ පොසොන් බැති ගී ප්‍රසංගයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ගේ ආරාධනයකට අනුව, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පොසොන් කලාපයේ වැඩ කටයුතු ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජ්‍ය සභාපතිනි මෙන්ම ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙහිදි, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අනුරාධපුර සුමංගල දහම් පාසලෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ එක්ව පොසොන් බැති ගී ගායනා කළහ.

මෙම විශේෂ උත්සව අවස්ථාව වෙනුවෙන් නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එච්.එම්. රාජපක්‍ෂ, ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ආර්.එම්.එච්. ජයතිස්ස, අණදෙන නිලධාරීන් ඇතුළු තවත් කිහිපදෙනෙකු සහභාගි වූහ.Nike sneakers | jordan Release Dates