Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2019 11:47:30 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා පොසොන් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහභාගි වෙයි

‘පොසොන් බුද්ධාභි වන්දනා’ යන මැයෙන් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගය පොසොන් පූර පසලොස්වක පොහෝ දින (16) පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම උත්සව අවස්ථාව අතරතුර, ශ්‍රී ලංකා සංඥා බලකායේ සාමාජිකයින් මහින්දාගමනය සිහිපත් කෙරෙන පොසොන් බැති ගී ගායනා කළහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය විසින් මෙම උත්සවය අවසානයේ එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායක වූවන්ගේ මෙහෙවර අගය කරමින් ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී. පොසොන් බැති ගී ප්‍රසංගය පැවැත්වීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ චන්ද්‍රිකා සේනානායක මහත්මීය ඔවුන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.

මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, ඉඩම් හා දේපළ අධ්‍යක්‍ෂ ජෙනරාල් සී.එම්.ඩි.පී. චන්ද්‍රසේකර, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අජන්තා හෙට්ටිආරච්චි මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් මෙන්ම සෙසුනිලයින් ද සහභාගි වූහ. best Running shoes | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD