Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2019 14:19:48 Hours

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී දැනුවත් කිරීමේ දේශනයක් පවත්වයි

යුද්ධ හමුදාවේ නිලධාරීන් ඇතුළු සියළුම සාමාජිකයින්ගේ යහපත උදෙසා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පවත්වනු ලබන විවිධාකාර වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් ලෙස ‘පුද්ගලික සංවර්ධනය’ යන මැයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සදුඳා (13) දින වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන්වලදී ප්‍රධාන වශයෙන් ‘මානසික සහ කායික යහපැවැත්ම වැඩිදියුණු කිරීම’ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. මෙම දේශනය යුද්ධ හමුදා සහ සිවිල් දේශකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩමුළුවේ දේශන කොළඹ, නාරහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේ සායනික උපදේශක කර්නල් සරත් ආරියරත්න, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය එම්.බී.එන් ගුණරත්න, සායනික උපදේශක‍/ කථිකාචාර්ය ආර්.එම්.ආර්.එන් රණසිංහ, උපදේශක එම්.ඒ.ආර් චාමින්ද සහ මින්නේරිය යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් ආර්. කරුණාසේන විසින් මෙහෙයවන ලදී. Sports brands | Footwear