Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2019 12:59:26 Hours

ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා දිවයිනට පැමිණි නියෝජිතයින් ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක

ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දිය හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුචින්ද්‍ර කුමාර් (Major General Suchindra Kumar) ඇතුළු නියෝජිත පිරිස ඉකුත් බදාදා (12) දින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගත්හ.

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමේ පූජනීය අවස්ථාව සඳහා ඉන්දිය හමුදා නියෝජිතයින් සමඟ 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 111 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.එම්.ආර්.එස්.ටී. අලුවිහාරේ ද එක්ව සිටියහ. ඉන් අනතුරුව, ඉන්දීය හමුදා නියෝජිත පිරිස සමඟ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජි. නානායක්කාර මහනුවර නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම සංචාරය සඳහා තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. Buy Kicks | Air Jordan Release Dates 2020