Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2019 13:00:52 Hours

කිලිනොච්චි භටපිරිස් ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයකට සහ මල්ලාවී මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහයෝගය දක්වයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පපෙරුම ගේ මඟපෙන්වීම සහ මෙහෙයවීම මත, 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වයිරවන් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මෙන්ම සිවිල් වැසියන් 8 දෙනෙකු සිය ශ්‍රමදායකත්වය ලබා දී තිබිණි.

මීට අමතරව, මල්ලාවී මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ලිංගාශ්‍රිත රෝග සායනික මධ්‍යස්ථානය ඉකුත් සෙනසුරාදා (08) දින අතිගරු ජනාධිපතිතුමන් විසින් දුරස්ථ නව විද්‍යුත් අධිතාක්‍ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් විවෘත කරන ලදී. එම රෝහලේ වෛද්‍ය අධිකාරීතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එම විවෘත කිරීමේ උත්සවය සඳහා 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් සිය සහයෝගය ලබාදුන්හ. Authentic Nike Sneakers | Men’s shoes