Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2019 15:06:53 Hours

විශ්‍රාමික මේජර් ජෙනරාල් අභයරත්න ගේ අවසන් කටයුතු පූර්ණ යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරේ

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සංඥා බලකායේ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සී.ජේ. අභයරත්න ගේ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා (11) දින පූර්ණ යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු සංවේගයට පත් ඥාතී හිතවතුන් බොහෝ පිරිසක් එක්ව සිටියහ.

මෙම අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එන්. එම්. හෙට්ටිආරච්චි, තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එච්. පී. සෙනවිරත්න, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.වී.ඩී.පී. අබේනායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර ඇතුළු ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ දේහය සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ගෞරවාචාරය පුද කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එතුමන්ගේ නිකැළැල් සේවා කාලය තුල හිමිකරගන්නා ලද ගෞරව පදක්කම් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්වනු ලැබීය.

අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් සී.ජේ. අභයරත්න ගේ නිකැළැල් සේවා කාලය තුලදී, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී III, 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, උතුරු පෙදෙස මුලස්ථාන ආඥාපති, යාපනයේ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නියොජ්‍ය ආඥාපති (පාලන), 3 වන ශ්‍රී ලංකා සංඥා බලකා බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ පළවන කර්නල් සේනාවිධායක ඇතුළු උසස් තනතුරු රැසක් හොබවා ඇත.

අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් සී. ජේ. අභයරත්න වර්ෂ 1963 ජූනි මස 27 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බැඳි වසර 30 ක නිකැළැල් සේවා කාලයක් නිමා කරමින් වර්ෂ 1993 වන ජූනි මස 27 වන දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගන්නා ලදි.

අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ; Sportswear free shipping | Air Jordan Release Dates 2021 Updated , Gov