Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2019 15:24:16 Hours

රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් සූර්ය බලශක්ති පද්ධතියක් පරිත්‍යාග කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසංග පෙරේරා නියෝජනය කරන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ 88 වන කණ්ඩායම විසින් කයිට්ස්, අරාලි තුඩුව ප්‍රදේශයේ ස්ථාපිත 17 වන ගැමුණු හේවා බලඇණියේ සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සූර්ය බලශක්ති පද්ධතියක් ප්‍රදානය කරන ලදී.  

රාජකීය විද්‍යාලයේ 88 වන ආදී ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයින් පසුගියදා අරාලි තුඩුව ප්‍රදේශයේ සිදුකල සංචාරය අතරතුරදී එහි සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් විදුලිය නොමැතිව අත්විඳින දුෂ්කරතාවයට විසදුමක් ලෙස විකල්ප බලශක්ති බලාගාරයක අවශ්‍යතාවය පෙන්වාදුන්හ.

ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන කර්නල් අසංග පෙරේරා සමඟ සම්බන්ධිකරණයෙන් එම විද්‍යාලයේ 88 වන ආදී ශිෂ්‍ය කණ්ඩායමේ අනුග්‍රහය ද ඇතිව මිලදීගත් සූර්ය බලශක්ති පද්ධතිය අරාලි තුඩුවේ පිහිටි ප්‍රතිසංස්කරණය කරන ලද රණවිරු ස්මාරකයේ ස්ථාපිත කිරීමට නියමිතය.

අරලි තුඩුවේ පිහිටි රණවිරු ස්මාරකය ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීම වෙනුවෙන් ඉකුත් සඳුදා (10) දින පැවැති උත්සවයට සමගාමීව 551 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් 17 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී වෙත මෙම සූර්ය බලශක්ති පද්ධතිය ප්‍රදානය කරන ලදී.Authentic Sneakers | Sneakers