Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2019 12:50:52 Hours

කළුඅඹතැන්න ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

බණ්ඩාරවෙල දිස්ත්‍රික්කයේ දියතලාව, කළුඅඹතැන්න ප්‍රදේශයේ පසුගිය සඳුදා (10) දින පස්වරු 05.30 ට පමණ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අදාළ ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

මේ අනුව එක් නිලධාරීයෙකු සහ සෙසුනිලයින් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුළ එකී ගින්න මැඩපැවැත්වීමට සමත් විය. මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා අවට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ද සිය සහයෝගය ලබාදී තිබිණි. Buy Kicks | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival