Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2019 17:15:18 Hours

රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) දෙවන පාඨමාලාව අවසන් වේ

ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේදී 7 වන වරටත් ආරම්භ කරන ලද රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලාව ඉකුත් සිකුරාදා (7) දින පැවැත්විණි. මෙම බලඝණ පාඨමාලාව ආරම්භ වූයේ ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡා වල පසුවිපරමක් සහ ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව, රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලා අංක 2 හි අවසන් අභ්‍යාසය 'Ex-Sahayogaya' නමින් ඉකුත් සිකුරාදා (7) දින පැවති අතර එහිදී අනතුරුදායක තත්ත්වයන් තුළ සිදුවිය හැකි අලාභ හානි අවම කරගැනීම සඳහා මෙම අංශයට ඇති වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කෙරිණි.මේ අනුව ජුනි මස 6 වන දින සිට ජූනි මස 07 වන දින දක්වා වු කාලසීමාව තුළ පවත්වනු ලැබූ දෙවන පාඨමාලාවේදී නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසුනිළයින් 21 දෙනෙකු වෙනුවෙන් ඉන්දියානු යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු සෙසුනිළයින් දෙදෙනෙකු එම පාඨමාලාව වෙනුවෙන් උපදේශකත්වය දක්වා තිබිණි.

රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ උසස් පාඨමාලාව ප්‍රථම වරට 2019 මාර්තු 27 දින සිට මැයි මස 01 දින දක්වා වූ කාලසීමාව තුළ ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේදී පවත්වා තිබිණි.

මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන ඕනෑම ආකාරයක රසායනික ප්‍රහාරයක් හෝ වෙනත් අනතුරක් වළක්වාගැනීම වෙනුවෙන් ඊට අදාළ සියලුම පාර්ශවකරුවන් පුහුණු කිරිමේ අරමුණ ප්‍රධාන කරගනිමින් මෙම පාඨමාලාව ආරම්භ කර තිබිණි.

හදිසි අවස්ථාවන්හිදී ඊට අදාළව ඉක්මන් විසදුම් ඉදිරිපත් කිරිම නිරූපනය කර දැක්වෙන දැනුවත් කිරිමේ වැඩසටහනක්ද මෙම රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලා සඳහා ආරාධනා ලැබ සිටි ආරාධිතයන් වෙනුවෙන් ප්‍රදර්ශණය කෙරිණි.

මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස සපැමිණි ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී ඇතුළු ඉංජිනේරු බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන් අමරසේකර, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.කේ.එල්.එස්.ආර් ඩයස්, යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු (දේශීය) කර්නල් ඩබ්.ඒ.එස්.ආර් විජේදාස සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පාසලේ සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සලය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව, නාවුක රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර කණ්ඩායම සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් මෙන්ම මෙම ව්‍යාපෘතියට සහයෝගය දැක්වු පුහුණු පාසලේ උපදේශකවරුන් පිරිසක් ද මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගී වූහ.

මෙම පුහුණු අභ්‍යාසය 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල විසින් සංවිධානය කරනු ලැබූ අතර මෙම පුහුණු අභ්‍යාසය එම පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි. ඉන්දියානු රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) ජංගම පුහුණු කණ්ඩායමේ උපදේශකවරුන්ගේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකු ද මෙම උසස් පාඨමාලාව වෙනුවෙන් සහභාගී වූහ. jordan Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos