Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2019 17:05:21 Hours

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනී

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා පසුගිය ඉරිදා (09) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ එහිදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.  

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කල අතර රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ගමගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එතුමන් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ගජබා රෙජිමේන්තු මූලස්ථාන රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.  

රෙජිමේන්තු මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් හා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියළු නිලයින් නියෝජනය කරමින් ගජබා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එච්.එම්. රාජපක්‍ෂ විසින් නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ගමගේ උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.  

ඉන් අනතුරුව, උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ගමගේ විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ පිළිරුව වෙත පූෂ්පෝපහාර පුද කළහ. අනතුරුව, කපිතන් බී.එම්.ඒ.එන්.වී. ගුණතිලක ගේ අණදීම යටතේ සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් තුමන් වෙත ආරාධනා කරනු ලැබීය.  

ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගිවූ එතුමන් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. මෙහිදි, මේජර් ජෙනරාල් ගමගේ සියලුම නිලයින් අමතමින් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම වෙනුවෙන් රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සියලුම නිලයින්ට සිය කෘතඥතාවය පළ කර සිටියහ.

මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.කේ.බි. උදළුපොළ, ගජබා රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. affiliate link trace | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival