Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2019 13:07:06 Hours

මිය ගිය දරුවෙකුට පිං අනුමෝදන් කරවීම පිණිස ඉදිකරන ලද නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ගාමිණි සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් දැරණියගල බොරලන්කඩ ශ්‍රී විජයාරාම විහරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින පෙරවරුවේ මහත් හරසරින් යුතුව පැවැත්විණි.

මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉඳිකිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික බළලත් නිලධාරී l කේ.ඒම්.ජී.ඒම් උදයබණ්ඩාර මහතා මූල්‍ය ප්‍රතිපාදන සපයා තිබුනේ පසුගිය කාල සීමාව තුළ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලොවින් සමුගත් සිය ආදරණීය දරුවෙකුට පිං අනුමෝදන් කරවීම පිණිසය.

මෙම විශේෂ ආගමික අවස්ථාව වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූ අතර බ්‍රහස්පතින්දා (6) දින පෙරවරුවේ එළඹුනු සුභ නැකතින් එම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරිම මේජර් ජෙනරාල් ගාමිණි සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා සහ රැස්ව සිටි බැතිමතුන්ගේ සාධුකාරය මධ්‍යයේ සිදු කෙරිණි.

මෙම විශේෂ ආගමික උත්සව අවස්ථාව වෙනුවෙන් පිං පැමිණවීමකට ලක් වූ එකී මියගිය දරුවාගේ ඥාති හිතවතුන්ද ඇතුළු බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගී වූහ. Sports brands | Women's Designer Sneakers - Luxury Shopping