Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2019 14:44:00 Hours

මාණ්ඩලික පාඨමාලාවක් හැදෑරීමට පැමිණි විදේශීය ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් යාපනයේ සංචාරයක

ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක 05 හැදෑරීම සඳහා මෙරටට පැමිණි විදේශීය හමුදාවන්හි ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් ඉකුත් සිකුරාදා (7) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සිය පවුල්වල සාමාජිකයින් සමඟ පැමිණ සිටියහ.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි විදේශීය හමුදාවන්හි ශිෂ්‍ය නිලධාරී පිරිස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි නියෝජනය කරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම නිලධාරීන් ඔවුන්ගේ පාඨමාලාවන්ට අදාළ බාහිර අධ්‍යයන චාරිකාවේ අංගයක් ලෙස මෙම අවස්ථාව තෝරාගෙන තිබූ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ වගකීම් සහ එහි යුද්ධ හමුදා කාර්යභාරය මෙන්ම පශ්චාත් ගැටුම් වාතාවරණයක් තුළ සිවිල් වැසියන්ට අවශ්‍ය ආරක්‍ෂාව සහ සහයෝගය ලබාදිය හැකි අන්දම පිළිබඳව මෙහිදී ඔවුන්ව දැනුවත් කරනු ලැබිණි.

මීට අමතරව, මෙම ශිෂ්‍ය නිලධාරීන් පිරිස ත්‍රීකුණාමලය වෙත ආපසු පිටත්ව යාමට පෙර යාපනය අර්ධද්වීපය තුළ පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථානයන් දැක බලාගැනීම සඳහා සංචාරයකද නිරත වී තිබිණි. affiliate link trace | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD