Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2019 13:44:00 Hours

නන්දිකඩාල්හීදී මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය බදාදා (5) දින එම මූලස්ථානයේදී සමරනු ලැබීය.

මෙම සංවත්සරයට සමගාමීව ජූනි මස (1) දින සිට ආගමික වතාවත් ආරම්භ කරනු ලැබුණි. එහිදී මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නය ඇතුළු හින්දු, මුස්ලිම් ආගමික පූජකවරුන්ගේ මූලිකත්වයෙන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් මෙන්ම තුවාල ලැබු සහ දැනට සේවයේ නියතු සියළු රණවිරුවන් හට සෙත් පතා විවිධ ආගමික වතාවත් පවත්වනු ලැබිනි.

මෙම සංවත්සර උත්සවයේ තවත් අංගයක් ලෙස, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරයද එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64, සහ 68 වන සේනාංකයන් නියෝජනය කරමින් නිලධාරීන් 17 ක් සහ සෙසු නිලයින් 157 දෙනෙකුගෙන් සමන්විත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරයද පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් අමතමින් සංවත්සරයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ.

සංවත්රයට සමගාමීව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් එක්ව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. සංවත්සර උත්සවය සංකේතවත් කරමින් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

එදින වැඩසටහන සියළු නිල භෝජන සංග්‍රහයකින් පසුව නිමාවට පත්විය.

ප්‍රධාන පෙලේ ආරක්‍ෂක සේනා මූලස්ථානයක් වන මෙම මූලස්ථානය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් 2009 මැයි 18 වන දින මුළුමනින්ම විනාශයට පත් වීමෙන් අනතුරුව 2009 ජූනි 5 දින නන්දිකඩාල්හි දී ස්ථාපිත කරන ලදී. best shoes | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival