Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2019 12:54:29 Hours

233 වන බලසේනාව ගර්භණි කාන්තාවන්ට සහ සිවිල් වැසියන්ට පෝෂදායි ආහාර අඩංඟු වියළි සලාක මලු සහ පාසල් උපකරණ බෙදාදෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ‘ගෞතම දරුවෝ ආර්යා පදනමේ’ අනුග්‍රහය ඇතිව වැලිකන්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවූල්වල ගර්භණි කාන්තාවන් 115 දෙනෙකු වෙත පෝෂදායි ආහාර සහ ළඳරු අවශ්‍යතා සහිත රුපියල් 2500/= ක වටිනාකමින් යුතු ත්‍යාග පාර්සල් තොගයක් බෙදාදෙන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොළ විසින් විධිමත් වැඩපිළිවෙලක් යටතේ විශේෂ දිවා ආහාර වේලක් ලබාදුන් අතර ඒ සඳහා අනුග්‍රහකත්වය දැක්වු 233 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් රංජිත් ඇල්විටිගල, වැලිකන්ද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මහීර් මහතා සහ නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

මේ අතර, 233 බලසේනාවට අයත් කුන්ගාල්කුලම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 172 ක් සඳහා වියළි ආහාර පාර්සල් ද සිසුන් 34 දෙනෙකු සඳහා පාසල් උපකරණ තොගයක් ද ලබාදුන් අතර ඒ සඳහා කොට්ටාවේ පිහිටි ‘ගාන්ධි පදනම’ විසින් කරන ලද අනුග්‍රහකත්වය වෙනුවෙන් ස්තුතිය පුදකරමින් පසුගිය සෙනසුරාදා (25) දින කුන්ගාල්කුලම් සංස්කෘතික ශාලාවේදී පවත්වන ලදි.

මෙහිදි සහල්, පරිප්පු, කරවල, සීනි, කිරිපිටි, සබන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වියළි සලාක පාර්සල් ද පාසල් සිසුන් සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා 233 බලසේනාවේ බලසේනාධිපති කර්නල් රංජිත් ඇල්විටිගල ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ ‘ගාන්ධි පදනමේ’ සාමාජිකයින් සහභාගි වුහ.Authentic Sneakers | NIKE AIR HUARACHE