Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2019 07:35:03 Hours

රාජ්‍ය ව්‍යාපෘතියකදී යුද්ධ හමුදාවට ආධුනිකයන් බඳවාගැනිමේ කුටියක් පවත්වයි

‘රාජ්‍ය සේවාව ගමට’ යන ව්‍යපෘතියට සමගාමීව මාතෘභූමීයේ ආරක්‍ෂාව සඳහා ආධුනික සොල්දාදුවන් බඳවාගැනීම වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඉකුත් සෙනසුරාදා (1) දින පැවත්වුණු විශේෂ වැඩසටහනක් වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් අනුග්‍රහය දැක්වූ අතර එම බඳවාගැනීම් වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශන කුටියක් ද ඉදිකර තිබිණී.

මාතලේ සංඝමිත්තා විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබු ප්‍රදර්ශන කුටියකදී මෙම බඳවාගැනීම් කටයුතු සිදුකරන ලද අතර මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ, වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිස් සහාය දැක්වීමට පැමිණ සිටියහ.trace affiliate link | nike air max 95 obsidian university blue book list