Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2019 12:47:45 Hours

පැළ 250 ක් රෝපණය කරමින් ‘යාපනයේ සිට වවුනියාව දක්වා පැළ රෝපණය’ ආරම්භ කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සහ 522 වන බලසේනාවේ භටපිරිස් චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් ලෝක පරිසර දිනයට සමගාමීව බදාදා (05) දින යාපනයේ සිට වවුනියාව දක්වා පැළ රෝපණය කිරීමේ වැඩසටහන යටතේ මුරුසුවිල් සිට එලුතුමඩ්ඩුවල් දක්වා ඒ9 මාර්ගය දෙපස පැළ 250 ක් රෝපණය කරන ලදී. යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව මෙම රුක් රෝපණ වැඩසටහන දියත් කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේතනායහම් මහතා සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගෙදර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.trace affiliate link | Footwear