Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2019 20:28:58 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්ට පරිඝණක බෙදාදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම බලසේනා මූලස්ථානයන්හී කර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගිය සඳුදා (3) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි පැවති උත්සවයකදී පරිඝණක 10 ක් බෙදා දෙන ලදි. යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත බලසේනා මූලස්ථානයන්හි කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීමට සහායවීමක් ලෙස මෙම පරිඝණක තොගය එම ආරක්‍ෂක සේනා මූලස්ථාන අරමුදලින් ලබා දී ඇත.

මෙම පරිඝණක තොගය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් බෙදාදෙනු ලැබිනි. spy offers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival