Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2019 16:50:15 Hours

61 වන සේනාංකය සිය 11 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංක මූලස්ථානයේ 11 වන සංවත්සරය පසුගිය බ්‍රහස්පතින්දා (30) දින ආගමික වතාවත් මධ්‍යයේ අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්න ගේ උපදෙස් මත පැවති සංවත්සර වැඩසටහනේදී සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කරන ලදි. ඉන් අනතුරුව සේනාංකාධිපතිතුමන් භට පිරිස් අමතමින් වෘත්තීමය වැදගත්කම හා මනා විනය පවත්වාගෙන යාමෙහි වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදි.

ඉන් අනතුරුව සංවත්සරයට සමඟාමීව එදින පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහාද සේනාංකාධිපතිතුමන් සහභාගි වු අතර සැමරුම් වැඩසටහන් මාලාව නිමාවට පත්කරමින් පසුදින මහා සංඝරත්නය සේනාංක මුලස්ථානය වෙත වැඩම කරවා දානමය පිංකමක් පවත්වන ලදි. latest jordan Sneakers | Nike Running