Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2019 18:51:15 Hours

‘Ride with Pride’ පාපැදි සවාරිය සීදුව දක්වා ගමන් කරයි

යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ සංකල්පයකට අනුව සෞඛ්‍ය සම්පන්න ජාතියක් සවිබල ගැන්වීම උදෙසා තුන්වන වරට සංවිධානය කරනු ලබන සුහදත්වයෙන් පිරුණු ‘Ride with Pride’ පාපැදි සවාරිය 2019 ජුනි මස 23 වන දින උදෑසන 6.30 ආරම්භවීමට නියමිතය.

මෙවර ‘Ride with Pride’ පාපැදි සවාරිය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය අසලින් ආරම්භ වී මරදාන, පංචිකාවත්ත, ආමර්වීදිය, කොටහේන හන්දිය, පෑලියගොඩ හරහා කිලෝමීටර් 30 ක් දුරක් ගෙවා සීදූව විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය ඉදිරිපසින් නිමාවට පත්වීමට නියමිත අයුරින් සැලසුම් කොට ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පැවැත්වෙන මෙම ‘Ride with Pride’ පාපැදි සවාරිය යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් සමාජයන්හී ඕනෑම වයස් ඛණ්ඩයක සාමාජිකයින් සඳහා ද විවෘතව පවතී.

මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩී. සිරිනාග සභාපති ලෙස කටයුතු කරනු ලබන යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘Ride with Pride’ පාපැදි සවාරිය යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරන යුද්ධ හමුදා සමාජිකයින් සහ සිවිල් සාමාජිකයින් සියගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ජූනි මස 23 වන දින පැවැත්වීමට නියමිත ‘Ride with Pride’ පාපැදි සවාරියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ආරාධනයෙන් සහභාගීවීමට නියමිතය. best Running shoes | Nike Air Max 270