Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2019 17:10:15 Hours

කාරියලනගාපඬුවන් ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රමදාන වැඩසටහනක් සදහා 651 බලසේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් දායකවෙයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 65 වන සේනාංකය යටතේ ඇති 651 බලසේනාව යටතේ පාලනය වන 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කාරියලනගාපඬුවන් ප්‍රාථමික විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම වෙනුවෙන් විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් හා අධීක්ෂණය මත සංවිධානය කර තිබු මෙම ශ්‍රමදාන වැඩසටහන ඉතා සාර්ථක අයුරින් නිමා කිරිම පිළිබඳව පාසල් බලධාරීන්, දෙමාපියන් සහ සිසුන්ගේ ප්‍රශංසාවටද ලක්විය. trace affiliate link | Nike