Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2019 12:29:32 Hours

චාරිත්‍රානූකූලව ගාලු මුවදොර පිටියේදී ජාතික කොඩිය නව මුහුණුවරකින් ඔසවයි.

යුද්ධ හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදි මාස 6 ක කළයක් පුරා ජාතික ධජය එසවීමේ ජාතික කාර්යයේ නිරතවී සිටින අතර, සදුදා (3) දින උදෑසන පැවති උත්සවයකදි යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු විසින් විශේෂ සරඹ ක්‍රියා පටිපාටියකින් ජාතික ධජයට ආචාර කරනු ලැබීය.

ජාතික ධජය එසවීම සඳහා යුද්ධ හමුදාව සඳහා (මාස 6 ක්), නාවික හමුදාව (මාස 3 ක්) සහ ගුවන් හමුදාව (මාස 3 ක්) වන පරිදි සෑම මසකම පළමු වැඩ කරන දිනයට සමගාමීව විශේෂත්වයක් දක්වමින් තූර්යය වාදනය සමගින් සරඹ පිළිවෙතකට පවත්වනු ලබයි. ජාතික රණවිරු සැමරුමේ 10 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම නව සරඹ ක්‍රියා පටිපාටිය හදුන්වා දෙනු ලැබිණි.

ඉතා චාම් නවතම සරඹ පිළිවෙතකට වැදගත්කමක් එක් කරමින් පැවති මෙම විශේෂ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියහ.

වර්ෂයේ සෑම දිනයකම පෙරවරු 0600 ට ජාතික ධජය ඔසවා පස්වරු 0600 ට ජාතික ධජය පහත හෙළනු ලැබේ. best shoes | Women's Nike Air Max 270 trainers - Latest Releases