Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2019 14:58:16 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළෙහි හදිසි සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින පෙර දැනුම්දීමකින් තොරව උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ප්‍රධාන වැඩපළෙහි සංචාරයක නිරත වූ අතර එහි කාර්‍යභාරය පිළිබඳව සමීප සොයාබැලීමක් කරන ලදි.

උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපලෙහි සේනාවිධායක කර්නල් පී. විතානගේ විසින් එම වැඩපලෙහි සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර එක්සත් ජාතීන්ගේ ක්‍රියාන්විත සඳහා සූදානම් කර ඇති නවීකරණය කරන ලද ‘Unibuffel’ රථ පිළිබඳ විස්තරයක් සේනාවිධායකතුමන් විසින් ඉදිරිපත් කරනු ලැබිනි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපල තුල සිදුවන ‘Unibuffel’ රථයන්හී නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිරීක්‍ෂණයක යෙදෙන ලදි.

මෙම වැඩපලෙහි ඔහු රුඳිසිටියදීම, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම වැඩපළෙහි සේවයේ නියුතු කාර්මික ශිල්පීන් සහ යාන්ත්‍රික ශිල්පීන් සමඟ වචන කිහිපයක් හුවමාරු කරගැනීමට අමතක නොකලහ. ඉන් පසුව ‘Unibuffel’ රථයන්හී සවිකිරීමේ කටයුතු පිළිබඳව සුළු දායකත්වයක්ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදෙන ලදි. Authentic Nike Sneakers | Nike React Element 87