Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th May 2019 17:59:21 Hours

පොල් වගාකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් පොල් පැළ 100,000 කට වැඩි ප්‍රමාණයක් වගා කරයි

පොල් වගාකරුවන්ගේ සංගමයේ නිලධාරීන් විසින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හට කරනු ලැබූ ආරාධනයකට අනුව යාපනය දිස්ත්‍රික්කයේ පොල් පැළ 100,000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදී පසුගිය ඉරිදා (26) දින පැවැත්විය.

එම සාකච්ඡාවේදී පොල් වගාකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් අක්කර 578 ක භූමි ප්‍රමාණයක් තුළ පොල් පැළ 37000 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කරමින් යුද්ධ හමුදාව විසින් ඉදිරි අනාගතය වෙනුවෙන් සිදු කර ඇති ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව මෙන්ම යාපනය අර්ධද්වීපය පුරා එම පොල් පැළ රෝපණය කිරීම සඳහා කල කැපකිරීම පිළිබඳව යුද්ධ හමුදාව වෙත ප්‍රශංසා කරනු ලැබිනි. මෙම සාකච්ඡාව සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී වූ අතර ඔවුන් ඉදිරිපත් කරනු ලැබූ මතයන්ද අනුමත වනු ලැබිනි.

මෙම සාකච්ඡාවට, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ගමගේ, පොල් වගාකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත වික්‍රමසිංහ මහතා මෙන්ම වෛද්‍ය නිහාල් සිල්වා මහතා රංජිත් ඩයස් මහතා සහ මහාචාර්‍ය මොහන්දාස් මහතා ඇතුළුව පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වනු ලැබිනි. latest jordans | New Balance 991 Footwear