Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th May 2019 14:59:23 Hours

පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ප්‍රශංසා කරයි

නාරාහෙන්පිට පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ උපාධිධාරීන්ගේ උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ මානව සම්පත් මන්දිරයේදී පසුගිය සිකුරාදා (24) දින පැවති උත්සවයට සහභාගි විය. එහිදි සම්පත් කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට උපහාර දැක්වීය.

උත්සවය ආරම්භයේ, පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා සහ එම ආයතනයේ කාර්‍ය මණ්ඩල නිලධාරීන් විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිගනු ලැබිනි. ඉන් මිනිත්තු කිහිපයකට පසුව, උත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථම සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සඳහා එතුමන් හට ආරාධනා කරනු ලැබිනි.

පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ උප සභාපති සරත් ජයසිංහ විසින් එහි සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගත් අතර ඔහු පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනු ලැබිනි.

ඉන් පසුව, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රට වෙනුවෙන් කල සේවය සහ කැපවීම අගය කරමින් ධම්මික ප්‍රනාන්දු මහතා විසින් විශේෂ සමරු තිළිණයක් පිරිනමනු ලැබිනි.

පසුව, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කරනු ලැබූ ස්තූති කාථාවේදී පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය වෙනුවෙන් සිය ස්තූතිය පුදකරමින් එම ආයතනයේ ඉදිරි දැක්ම වෙනුවෙන් සිය සුබපැතුම් එක් කරනු ලැබිනි.Mysneakers | Shop: Nike