Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2019 16:55:10 Hours

පසුගිය පැය 48 ක කාලය තුල විදේශ ගමන් බලපත්‍ර සහ ජාතික හැදුනුම්පත් රැසක් සොයාගනි

පසුගිය පැය 48 ක කාලය තුල යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිසිය ඒකාබද්ධව මානින්ගල, නාත්තන්ඩිය, වැලිපැන්න, පෝරුතොට, කොච්චිකඩේ, නාරාහේනපිට, පෙරියමුල්ල, කල්පිටිය, මාදම්පේ, මෝදර, පුවක්පිටිය සහ මත්තේගොඩ යන ප්‍රදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී විදේශ ගමන් බලපත්‍ර 154 ක්, ෂෝට්ගන් වර්ගයේ පතුරම් 7 ක්, ෂෝට්ගන් හිස් පතුරම් කොපු 5 ක්, අවි සඳහා භාවිතා කරන දුරකථනයක්, යුද්ධ හමුදා නිල ඇඳුම් 3 ක්, කඩු 2 ක්, මැග්නීසියම් සල්ෆේට් කිලෝග්‍රෑම් 20 ක්, ජාතික හැඳුනුම්පත් 20 ක්, සංග්‍රාමික නිල ඇඳුමක්, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තොරතුරු ඇතුලත් සංයුක්ත තැටි 135 ක්, ව්‍යාජ අංක තහඩු සහිත සැක සහිත ත්‍රිරෝද රථ 4 ක්, යතුරුපැදි 4 ක්, චන්ද්‍රිකා සන්නිවේදන දුරකථන 4 ක්, ජංගම දුරකථන 26 ක්, මාවා කිලෝග්‍රෑම් 17 ක් සහ පිහි ඇතුළු සැකකටයුතු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදෙන ලදී. affiliate tracking url | balerínky