Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2019 20:34:39 Hours

වන්නි භටපිරිස් විසින් තවත් නව නිවාස දෙකක ඉදිකිරීම් ආරම්භයි

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා සහ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතාගේ අනුග්‍රහය ඇතිව වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි සිවිල් වැසියන් සඳහා නව නිවාස දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කරනු ලැබිනි.

පසුගිය මාස කිහිපය තුළ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සුබසාධන ව්‍යාපෘතිය හරහා විවිධ ආධාරකරුවන් හා පරිත්‍යාගශීන්ගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව දුප්පත් සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස 6 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිකරනු ලැබිනි. මීට පෙර කරනු ලැබූ ව්‍යාපෘති වලදී මෙන්ම මෙම ව්‍යාපෘතියේදීද වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ සුභපැතුම් ඇතිව පරිත්‍යාගශීන්ගේ අනුග්‍රහය සහිතව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානී කර්නල් අනිල් පීරිස් විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබිනි.

පසුගිය සෙනසුරාදා (25) දින රංගන හේරත් මහතා සහ තාරක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුනකොච්චිය සහ වවුනියාව යන ප්‍රදේශයන්හී පැවති සරල උත්සවයකදී නිවාස දෙකෙහි ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීමේ කටයුතු සිදු කළහ.

වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත 21 සහ 56 වන සේනාංකයන්හී භටපිරිස් විසින් මෙම නිවාස දෙකෙහි ඉදිකිරීම් කටයුතු කෙටි කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිතව ඇත. පසුගිය සෙනසුරාදා (25) දින මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරිත්‍යාගශීලින් වන රංගන හේරත් සහ තාරක රන්වල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීමේ කටයුතු සිදුකරනු ලැබිනි.

මෙම අවස්ථාව සඳහා 221 වන බලසේනාවේ බලසේනාධිපති, 561 වන බලසේනාවේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ලාල් විජේතුංග, වන්නි ආර්ක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් අනිල් පීරිස්, 21 සහ 56 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු ප්‍රතිලාභීන්ගේ ඥාතීන් පිරිසක්ද එක්විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අදාල ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීන් සමඟින් සාකච්චා කර නිසි සුරක්‍ෂිත භාවයකින් තොර නිවාසයන්හි පදිංචිව සිටි අඟුණකොච්චිය ප්‍රදේශයේ පදිංචි එස් සංජීව සිරිසේන මහතා හට සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.එස්. සරත් තිලකරත්න යන අයවළුන් මෙම අවස්ථාව සඳහා තෝරාගන්නා ලදී.

මැදවච්චිය, වව්නියාව, පුල්එළිය, වැලිඔය සහ වන්නි ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 6 ක් සඳහා පසුගිය සය මාස 6 තුළ නිවාස 6 ක් ඉදිකර දී ඇත. 2019 මැයි 2 වන දින ආරම්භ කරන ලද තවත් නිවාසයක් මෙම නිවාස දෙක සඳහා මුල් ගල් තැබීමට පෙර ආරම්භ කරන ලදී. Buy Kicks | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf